loading
පශ්චාද් ප්‍රාථමික හෙද විදුහල් ගීතය

පිවිස උගෙන නික්මී යමු මෙහෙයට,
මෙහෙයෙන් ජන සෙත සලසමු මොනොවට ..
පරම සතුට ඔව්, එය මැයි අප හට,
ගුරු හෙදි සේවේ වේ - උතුරතර ජන සුව සේවේ වේ.

පසු පළමුයුරු හෙදි ගුරු විදුහල්,
මව් සඳ වැජඹේ පොබයා සිසු මල්..
පොබයා හෙදි ගුරු මල් මල් මල්,
පොබයා හෙදි ගුරු මල්.

ගිලනුන් සුව අපගෙම සුව වන්නේ,
ගිලනුන් තොස අපගෙම තොස වන්නේ..
ගිලනුන් හට මව් සෙනෙහස දෙන්නේ..
ගුරු හෙදි සේවේ වේ - උතුරතර ජන සුව සේවේ වේ.

ගුරු හෙදි පුහුණුව අප ලද විදහා,
යොදවමු සිසු හෙදි පුහුණුව සඳහා,
යොදවමු අදික්සුම මැනැ යුරුවම හා..
ගුරු හෙදි සේවේ වේ - උතුරතර ජන සුව සේවේ.

ජන සුව සෙතටයි නිති වෙහෙසෙන්නේ,
ජන තුති පැසසුම් නොමැත පතන්නේ,
ගුරු හෙදි පුහුණුව අප ඔප ලන්නේ..
ගුරු හෙදි සේවේ - උතුරතර ජන සුව සේවේ වේ.

පසු පළමුයුරු හෙදි ගුරු විදුහල්,
මව් සඳ වැජඹේ පොබයා සිසු මල්..
පොබයා හෙදි ගුරු මල් මල් මල්,
පොබයා හෙදි ගුරු මල්